"ආණ්ඩුව බලන් ඉන්නවා නම්, අපි බස් ගාස්තු වැඩි කරනවා"
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

"ආණ්ඩුව බලන් ඉන්නවා නම්, අපි බස් ගාස්තු වැඩි කරනවා"

"ආණ්ඩුව බලන් ඉන්නවා නම්, අපි බස් ගාස්තු වැඩි කරනවා"

ව්‍යාපාරිකයින් විසින් විසින් සහල්, සීනි වැනි පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් නියම කළ අවස්ථාවලදී පාරිභෝගික කටයුතු අධිකාරිය නිහඬව බලා සිටියා සේ පෞද්ගලික බස් රථ හිමියන් බස් ගාස්තු ඉහළ දමන තෙක් ජාතික ගමනාගමන මණ්ඩලයට ද බලා සිටින්නැයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්⁣ගේ සංගමය පවසයි.

 

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ, බස් රථ නඩත්තුව සඳහා අවශ්‍ය සියලු ම අමතර කොටස්වල මිල ගණන් මේ වන විට ඉතා ඉහළ මිලක් ගෙන ඇති බැවින් මේ අවස්ථාවේදී බස් රථ හිමියන්ට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව ය. 

 

එලෙස බස් ගාස්තු ඉහළ දැමීමට නොහැකි නම්, තමන්ට යම් කිසි සහනාධාරයක් හෝ ලබාදීමට රජය කටයුතු කළ යුතු යැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

"රු. 54,000ට තිබ්බ ටයර් එක දැන් 80,000යි. බොඩි තහඩුවක් 5100ට තිබ්බා දැන් 11,500යි. ටියුබ් එකක්, ස්පෙයා පාර්ට්ස් එකට දෙකක් වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ ගාස්තුවකට අපි යා යුතුයි. එහෙම නැත්නම් අපට සහනාධාරයක් ලබාදිය යුතුයි. පාරිභෝගික අධිකාරිය තියෙනකොට සීනි මිල සීනි මිල තීරණය කළා සීනි සමාගම්. එතකොට හාල් මිල තීරණය කළා හාල් මෝල් හිමියන්. ඒ නිසා මේ වෙලාවේ පාරිභෝගික අධිකාරිය බලාගෙන හිටියා වගේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් බලාගෙන ඉන්න. බස් ගාස්තුව වැඩි කරන්නේ අපි."

views

1407 Views

Comments

arrow-up