ලක්ෂ දෙසීයක හොර සිගරට් කැළණියේදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණු කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකාය පැවසුවේ සැකකරුවන් සතුව නීතිවිරෝධී දුම්වැටි 2,64,200ක ප්‍රමාණයක් තිබු බවයි.
මෙම නීති විරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත ලැබුණු තොරතුරු මත වැටලීම් සිදුකර තිබේ.
703 Views
Comments