බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත් හිටුවයි

පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට සති දෙකක කාලයක් අත්හිටුවීම තීරණය කළ බව බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.
පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම් හේතුවෙන් දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොවන බැවින් පරිගණක පද්ධතිය යාවත්කාලීන කරන තෙක් තාවකාලික පියවරක් වශයෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.10.13 දින සිට 2021.10.26 දින දක්වා සති දෙකක් සඳහා අත්හිටුවීමට අද (12) තීරණය කළ බව විජේතුංග මහත්මිය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් ICTA ආයතනය සමඟ සාකච්ඡා කර නිත්‍ය විසඳුම් ලබා දෙන තෙක් තාවකාලික පියවරක් ලෙස අද ( 12) දින සිට කල් ඉකුත් වු වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා දෙසැම්බර් 31 දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දින වලදී බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුව, කළුතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්වලට අදාළව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බව විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
609 Views
Comments