රැකියා නියෝජිත ආයතනයක 4කට වැඩ වරදී - විදෙස් ගමන් තහනම් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

රැකියා නියෝජිත ආයතනයක 4කට වැඩ වරදී - විදෙස් ගමන් තහනම් කරයි

රැකියා නියෝජිත ආයතනයක 4කට වැඩ වරදී - විදෙස් ගමන් තහනම් කරයි

කුරුණෑගල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක සේවකයින් සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

 

ඒ ඔවුන් කල් ඉකුත් වූ රැකියා බලපත්‍රයක් යොදාගනිමින් පුද්ගලයින් විදේශ ගත කිරීම නිසායි.

 

මෙම ආයතනය සතු බලපත්‍රය පසුගිය මාර්තු 21 වනදා කල් ඉකුත් වී ඇති අතර එය නැවත අලුත් කර ගැනීමකින් තොරව ඔවුන් පුද්ගලයින් විදේශ ගත කර තිබෙනවා.

 

මීට අමතරව මොවුන් තරුණයින් 40 දෙනකු පමණ රවටමින් රුපියල් ලක්ෂ 54ක පමණ මුදලක්ද වංචා කර තිබෙනවා.

 

සැකකාර පිරිස සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විදේශගත වීම වළක්වමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කලා.

views

735 Views

Comments

arrow-up