NOV
23
කිහිප දෙනෙකු එකම වාහනයේ ගමන් කරන විට මුව ආවරණය අනිවාර්යයි

කිහිපදෙනෙකු එකම වාහනය ගමන් කරන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුගමනය නොකරන පුද්ගලයින් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
ත්‍රිරෝද රථ රියැදුරන්ටද මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
වෛරසය පැතිරෙන ආකාරයෙන් කටයුතු කරන සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
688 Views
Comments