බඹරු දෂ්ඨ කිරීමෙන් බරපතල තුවාල ලැබූ 14ක් රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

බඹරු දෂ්ඨ කිරීමෙන් බරපතල තුවාල ලැබූ 14ක් රෝහලට

බඹරු දෂ්ඨ කිරීමෙන් බරපතල තුවාල ලැබූ 14ක් රෝහලට

හපුතලේ තොටලාගල වත්තේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් දාහතර දෙනෙකු බඹරු දෂ්ඨ කිරීමෙන් බරපතළ තුවාල ලබා අද(29) දහවල් රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.

 

ගසක බැඳ තිබූ බඹර කූඩු කිහිපයක් ඇවිස්සීමෙන් තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසට ඹබරුන් එළව එළවා පහරදී තිබේ.

 

තුවාල ලැබූ කාන්තාවන් දාහතර දෙනකු ඉක්මනින්න හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාවන් දෙදෙනකු දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 

 

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

797 Views

Comments

arrow-up