පොලිස් නිලධාරියා අනතුරට ලක්කල කුඩ්ඩාගේ මෝටර් රථය අල්ලයි

පසුගියදා පොලිස් නිලධාරියෙකු මෝටර් රථයක බොනට්ටුව මත සිටියදී අනතුරුදායක ලෙස මෝටර් රථය පදවමින් එම පොලිස් නිලධාරියා අනතුරට ලක්කිරීමට යොදාගත් මෝටර් රථය තලංගම බටපොත, දේවාල පාර නිවසක සඟවා තිබියදී අද(22) සොයාගත් බව තලංගම පොලිසිය පවසයි.
එම වාහනය සඟවාගෙන සිටි එම නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථය සොයාගන්නා අවස්ථාවේ එහි අංක තහඩු ගලවා තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසුවේය.
අංක තහඩු වාහනයේ පිටුපස අසුනේ සඟවා තිබීයදී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
පසුගිය විසිවැනි දින රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරු මෝටර් රථය පණ ගන්වා පලා යාමට තැත් කිරීමේදී පොලිස් සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුව මතට පැන එය වැළැක්වීමට උත්සාහ කිරීමත් සමඟ සැකකරු පොලිස් සැරයන්වරයාද රැගෙන පළා ගිය අතර කිලෝ මීටරයක් පමණ දුරකදී සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුවෙන් බිමට වැටී තුවාල සිදුවී තිබිණි.
ඉන්පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය මෝටර් රථය මෙම නිවසට රැගෙන විත් සඟවා තබා තිබූ බව පොලිසිය පවසයි.
897 Views
Comments