SEP
22
පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන්නන්ට කෝටි දෙකක දඩයක් - පනත සම්මත වෙයි

පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත සහ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය.
එම බනත අනුව පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳුන්ට එරෙහිව රුපියල් කෝටි දෙකක් දක්වා දඩ මුදල් නියම කිරීම සඳහා මෙම නව සංශෝධන පනත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
මෙම පනත් කෙටුම්පත සහ නියෝග පිළිබඳ විවාදය අද(22) පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා පැවැත්විණි.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.
1001 Views
Comments