කොරෝනා සුව වූ සමහර පුද්ගලයින් හට ඇති විය හැකි ස්නායු රෝග තත්ත්වයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

කොරෝනා සුව වූ සමහර පුද්ගලයින් හට ඇති විය හැකි ස්නායු රෝග තත්ත්වයක්

කොරෝනා සුව වූ සමහර පුද්ගලයින් හට ඇති විය හැකි ස්නායු රෝග තත්ත්වයක්

කොවිඩ් සුව වූ පිරිසෙන් 3% - 40% අතර ප්‍රමාණයකට ස්නායු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටී.

 

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා පැවසුවේ ස්නායු රෝග ලක්ෂණ බරපතළ ලෙස දැනෙන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් බවයි.

 

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ගාමිණි පතිරණ මහතා,

 

“සමාජය තුළ වැඩි සංඛ්‍යාවක් ඉන්නවා කොරෝනා හොඳ වෙලා.

ඒ අයට මේ රෝග ලක්ෂණ ආවොත් දැනුවත් වීම සඳහායි කතා කරන්නේ. එහෙම නැතුව මේ රෝග ලක්ෂණ ගැන අහලා බිය විය යුතු නෑ.

ඔබ දන්නා රෝගයක් තමයි බෙල්ස් ෆොල්සි කියන එක. මුහුණේ එක පැත්තක් පණ නැති වෙනවා. මේක මේ දවස්වල වැඩියෙන් එනවා.

මේක කොවිඩ් -19 නිසාද කියලා ප්‍රශ්නාර්ථයක්. අපි දැකලා තියෙනවා කොවිඩ් රෝගයෙන් පස්සේ අපස්මාරය පටන් ගන්නවා ඉතාම කලාතුරකින්.

දැනට වාර්තා වන අන්දමට 3% - 40% දක්වා කොවිඩ් සුව වූ අයගෙන් ස්නායු රෝග ලක්ෂණ පහළ වෙනවා කියලා වාර්තාවල සඳහන්.”‍

views

1056 Views

Comments

arrow-up