AUG
21
ඖෂධ හිඟය සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

රෝහල්වල පවතින ඖෂධ හිගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
මේ වන විට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ නොමැතිවීම හේතුවෙන් ඒවා පිටතින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඖෂධ තොග නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මීට හේතු වී ඇති බවයි.
220 Views
Comments