බොරැල්ල වකුගඩු ජාවාරමේ මහ මොලකරු රටින් පැනලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

බොරැල්ල වකුගඩු ජාවාරමේ මහ මොලකරු රටින් පැනලා

බොරැල්ල වකුගඩු ජාවාරමේ මහ මොලකරු රටින් පැනලා

දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් වකුගඩු ලබාගෙන ඡාවාරමක් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙරටින් පලාගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

 

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් හදුනාගෙන ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා මෙරටින් පලාගොස් ඇති බවට ගුවන් තොටුපල තොරතුරු හෙළිකර ඇති බවත්, ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 

මෙම වකුගඩු ජාවාරම බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහල තුළදීම සිදුව ඇත්තේ මුදල් මූලික කරගනිමින් බවට හදුනාගෙන ඇති බවත්, එම රෝහලේ සේවකයන් තිදෙනකු මෙහි සැකකරුවන් වශයෙන් හදුනාගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

 

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් පස් දෙනකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ සැකකරු සාක්ෂිකරුවන් සිව් දෙනකු විසින්  හදුනාගනු ලැබිණී.

views

224 Views

Comments

arrow-up