ගොඩනැගිලි පිටින් අතුරුදන් වූ දෙයියන්දර ප්‍රාථමික විදුහල

ගොඩනැගිලි 11 කින් සමන්විත වූ දෙයියන්දර ප්‍රදේශයේ පිහිටා තිබූ පාසලක් තැනිතලා බිමක් බවට පත්කර ඇති අතර එයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ නගර සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට අවශ්‍ය බවයි.
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් 1200 කට අධික පිරිසක් මෙම පාසල තුළ අධ්‍යාපනය ලබා ඇති අතර මෙම ගොඩනැගිල්ල සමතලා කිරීමෙන් පසු තාවකාලික පදනමක් මත පර්චස් 80 ක භූමියක ගොඩනැගිලි කිහිපයකට දරුවන් යොමු කර ඇත්තේ කඩා දැමූ පාසල් ගොඩනැගිල්ල පිළිබඳ ස්ථිර විසඳුමක් නොදෙමින් බව ආරංචි මාර්ග වාර්තා කරයි.
අදාළ කරුණ සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් විරෝධතා කිහිපයක්, අවස්ථා කිහිපයකදී ගොනුකර සිටියද ඒ සඳහා විසඳුම් ලබා නොදුන් බව ඔවුන් සඳහන් කර සිටී.
දෙමව්පියන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ අවුරුදු 150 ක පමණ ඉතිහාසයක් ඇති ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඇත්තේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ හිතුමනාපෙට බවයි.
අදාළ කරුණ සම්බන්ධව ඔවුන් තවදුරටත් සඳහන් කර සිටියේ මෙම පාසල වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවස්ථාවේදී දෙමව්පියන්ට සහ පාසල් සංවර්ධන කමිටුවට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නව පාසලක් වෙනත් භූමියක ඉදිකර දෙන බවයි.
නමුත් එය කට වචනයකට පමණක් සීමා වූ පොරොන්දුවක් පමණක් බවට මොවුන් තවදුරටත් මැසිවිලි නගා සිටියි.
257 Views
Comments