ණය ගැන කතාබහ සියල්ල මේ වසරේදී අවසන් වන බව ජනපති කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී ණය ප්‍රතිව්‍යුහගතකිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පිළිබඳ විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට සාකච්ඡාවක් පැවැත්විණි.
පැරිස් සමාජය සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් විසි තුනකට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව තානාපතිවරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මෙම අවස්ථාවට රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන් වනවිට සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
200 Views
Comments