වැලන්ටයින් සමරන්න ආ පෙම්වතිය දූෂණය කළ පෙම්වතා

වැලන්ටයින් දිනය සැමරීම සඳහා සිය 14 හැවිරිදි පෙම්වතිය කැඳවා ගෙන ගොස ඇයට මත්ද්‍රව්‍ය කලවම් කළ චොක්ලට් එකක් ලබා දී ඇය සිහිමුර්ජා වීමෙන් අනතුරුව මිතුරන් දෙදෙනකු සමග එක්ව පෙම්වතිය දුෂණය කළ 17 හැවිරිදි පෙම්වතෙකු පිළිබඳ පුවතක් කිලිනොච්චිය පුනරින් ප්‍රදේශයෙන් වාර්තා වේ.
දූෂණයට ලක් වූ බාලවයස්කාරියගේ පෙම්වතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු මෙන් ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැළෙන්නෙකු බවට ද තොරතුරු වාර්තාවේ.
අනෙක් සැකකරුවන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය භාවිතා කරන අය බවට හෙළි වී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරින් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
219 Views
Comments