ඇමති සියඹලාපිටිය හෙළි කරන රබර් ආනයන මගඩිය

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියා සිටින්නේ රටේ පවතින ආර්ථික තත්වය ගැන සලකා රබර් ආනයනය සඳහා ස්වයං පාලනයක් පවත්වා ගන්නා ලෙස දැනුම් දී තිබුණ ද, වරප්‍රසාද වලට මුවාවී ආයෝජනය මණ්ඩලයේ ලියාපදිංචි ඇතැම් සමාගම් විසින් පසුගිය මාසයේදී පමණක් රබර් කිලෝ ග්‍රෑම් ලක්ෂ හතක් ආනයනය කොට ඇති බවයි.
ඔවුන් රබර් ආනයනය කොට ඇත්තේ කිලෝ ග්‍රෑමයක් රුපියල් හයසීයක් තරම් අධික මිලකට බව පෙන්වා දුන් ඒ මහතා තව දුරටත් මෙවැනි කටයුතු සිදුවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
194 Views
Comments