FEB
08
පාස්කු ප්‍රහාරයේ එක් බෝම්බකරුවෙකු ගේ බිරිඳ ඇප මත නිදහස්

ලංකාවේ ඓතිහාසික ඛේදවාචකයක් වන පාස්කු ප්‍රහාර මාලාවේ එක් සැකකරුවකු වන මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිඳ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වේ.
අයේශා සිද්දීක් මොහොමඩ් වසීම් යන මෙම කාන්තාව මුදාහැරීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව මෝසමක් ගොනු කරමින් ඇයගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය මුදාහැරීමට නියෝග ලබා දුන්නේය.
204 Views
Comments