දැරියන් දෙදෙනකු අපයෝජනය කර හමුදා සෙබළා දැලේ

නෝවුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ පදිංචි දැරියන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 8 සහ වයස අවුරුදු 10 යන වයස්වල පසුවන පාසල් දැරියන් දෙදෙනෙකු එම වතුයායේ තේ වත්ත දෙසට රැගෙන ගොස් ඇති අතර එහිදී අනෙක් දැරිය සැකකරුවෙකුගෙන් මිදී දිව යන අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් දැක සැකකාර සෙබළා අල්ලා පොලිසියට භාර දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියන් දෙදෙනාගේ පියා විසින් නෝවුඩ් පොලිසියට පැමිණිළි කර ඇති අතර දරුවන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව පොලිසිය කියා සිටී.
මෙම සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කදවුරක රාජකාරි කරන අයෙක් වන අතර ඔහු අද (15) හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
193 Views
Comments