FEB
08
රට ගොඩ ගන්න නම් ජනප්‍රිය නොවන තීන්දු ගන්න වේවි - ජනපති කියයි

පවතින බරපතළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට වුවද සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ පැවැත්වූ සිය රාජාසන කතාවේදී කියා සිටියේය.
ජනතාව සිටින අසීරු තත්ත්වය හමුවේ අධික බදු බරක් පටවා ඇත්තේ කැමැත්තකින් නොවන බව කියා සිටින ජනාධිපතිවරයා එය මෙය අවස්ථාවේ කළ යුතු සුදුසුම දෙය ලෙස පෙනෙන බව පවසා සිටින අතර තමන් ගන්නා තීරණ වල වටිනාකම තවත් වසර කිහිපයකින් ජනතාවට දැක ගන්නට ලැබෙනු ඇතැයි අවධාරණය කර සිටියේය.
216 Views
Comments