රන්ජන් - ලන්සා හබය අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

රන්ජන් - ලන්සා හබය අවසන්

රන්ජන් - ලන්සා හබය අවසන්

2014 වසරේ දිනෙක මීගමුව ලෙයිටන් පාක් පිටියේ පැවැති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයකින් තමාගේ කීර්තිනාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන දාහක මුදලක් ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් ගොනු කර තිබූ වන්දි නඩුව අද සමථයකට පත්විය.

 

රන්ජන් රාමනායක මහතාගේ නීතීඥවරයා කියා සිටියේ, තම සේවා දායකයා විසින් කිසිදු අවස්ථාවක සිය කතාව තුළ පැමිණිලිකරුගේ නම භාවිතා කර නොමැති බවයි.

 

එසේ හෙයින් ඔහුගේ වචනවලින් පැමිණිලිකරුට සිත් තැවුලක් ඇති වී නම් ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බව විත්ති පාර්ශ්වය විසින් ප්‍රකාශ කරන ලදී.

 

එම  ප්‍රකාශය පැමිණිලිකාර පාර්ශ්වය විසින් පිළිගත් අතර නඩු කටයුතු අවසන් කරන ලෙස ඔවුන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

views

236 Views

Comments

arrow-up