අවසානයක් නොදකින විදුලි බල අවුල
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

අවසානයක් නොදකින විදුලි බල අවුල

අවසානයක් නොදකින විදුලි බල අවුල

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදුව අත්හිටුවන ලෙස විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද, නැද්ද යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර සිටී.

 

පෙත්සම්කාර මහජන උපයෝගිතා කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටින්නේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම එම විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්කරන සිදුවීමක් බවයි.

 

එසේ හෙයින් මෙම නඩුකරය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් එම කොමිසමේ සාමාජිකයන් සියලු දෙනා මීට අනුමැතිය ලබා දී ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කර සිටියේය.

 

එයට පිළිතුරු වශයෙන් වගඋත්තරකාර විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනකු මෙම නඩුව පවත්වාගෙන යාමට එකඟත්වය පළ කර නොමැති බවත් එසේ හෙයින් මෙම පෙත්සම විභාග කිරීමට නීතිමය පදනමක් නොමැති බවත් ය.

views

199 Views

Comments

arrow-up