පාසල් සිසුන් වෙත පෙළපොත් බෙදා දීම ඇරඹේ

2023 වර්ෂයට අදාළ පෙළපොත් බෙදා හැරීමේ සමාරම්භක වැඩසටහන අද (15) සිදු කෙරිණි. ඒ හෝමාගම පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27 ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
214 Views
Comments