ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි ජනරජයේ රැකියා අවස්ථා හිමි කර දීම අපේක්ෂා කරගත් සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඉතාලියේ නිල සංචාරයක නිරතව සිටින රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩ්මන්ඩෝ සිරියේලි මහතා සමග සිදු කරන ලද සාකච්ඡාවකදීයි.
එමෙන්ම මෙරටට ඉතාලි සංචාරකයින් වැඩි වශයෙන් යොමු කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා ඇති බව සඳහන් වේ.
216 Views
Comments