කොටදෙණියාවේ කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හසු වී සේවකයෙක් මරු දකී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

කොටදෙණියාවේ කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හසු වී සේවකයෙක් මරු දකී

කොටදෙණියාවේ කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හසු වී සේවකයෙක් මරු දකී

කොටදෙණියාව ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවය කළ 37 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අනතුරකින් මියගොස් ඇත.

 

මඩිතියවල ප්‍රදේශයේ පදිංචි මොහු අදාල කර්මාන්තශාලාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී තිබූ යන්ත්‍රයක් පරික්ෂා කිරීමේ දී යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වීමෙන් ඊට සම්බන්ධ බෙල්ට් එකකට සිර වී තුවාල ලබා මරණයට පත් ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කොටදෙණියාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

views

177 Views

Comments

arrow-up