ඉන්ධන අර්බුදයෙන් වෛද්‍යවරු මහ පාරේ

සෞඛ්‍ය සේවකයන් සඳහා ඉන්ධන ලබා ගැනීමට අද දිනය වෙන් කර ඇති බව රජය විසින් දැනුම් දී තිබුණා.
ඒ අනුව නම් කරන ලද ඉන්ධන පිරවුම්හල් අසල සෞඛ්‍ය සේවකයන් පෝලිම් වල සිටිනු අද උදෑසන සිටම දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල් වල ඉන්ධන නොමැති වීම හේතුවෙන් වසා තැබීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තවදුරටත් පෝලිම් වල කාලය ගත කිරීමට සිදුවී තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් තමන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි කලකිරීමට ලක්ව ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය අනුර විතාරණ මහතා පවසා තිබෙනවා.
271 Views
Comments