ලිතුවේනියාවේ ට්‍රක් රථ රියැදුරු කෙලෙස මාසිකව මිලියනයක් උපයන්න අවස්ථාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

ලිතුවේනියාවේ ට්‍රක් රථ රියැදුරු කෙලෙස මාසිකව මිලියනයක් උපයන්න අවස්ථාවක්

ලිතුවේනියාවේ ට්‍රක් රථ රියැදුරු කෙලෙස මාසිකව මිලියනයක් උපයන්න අවස්ථාවක්

ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් විසින් ට්‍රක් රථ රියදුරන් 600 ක් බඳවා ගැනීමේ වැඩසටහනක් තුළ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව එරට මැන්වෙස්ටා ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකේට් මහත්මිය පවසයි. 

 


ඇය ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය 13 වන දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ පවසා ඇත‍.

 

යුරෝපයේ ප්‍රමිති සමාගම් 500 කට වැඩි සංඛ්‍යාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බව ද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වන අතර එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ.

 


මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් ද ස්ථාපිත කිරීම පිළිබඳව කම්කරු ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග  සාකච්ඡා කරන බව ද අග්‍රාමාත්‍ය වරයා කීය. දේශීය බඳවා ගැනීමේ නියෝජිත ආයතනයක් වන ෆෝචූනා කළමනාකාර අධ්‍යක්ෂ විමල් පෙරේරා මහතා පැවසුවේ අයදුම්කරුවන් තුන් සියයක් අතුරෙන් සියයකට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට කොළඹ වරායේ ඇති ට්‍රක් රථ යොදා ගත් බවයි.

 


මෙම රියදුරු පරීක්ෂණය සාර්ථක වීමට නම් වම් පසින් පදවන ට්‍රක් රථ අවශ්‍ය වේ. ඒ සදහා පහසුකම් ලබාදෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

views

199 Views

Comments

arrow-up