කුඩු-කසිප්පු ජාවාරම්මෝ ගුටි ඇන ගනිති - තුවාල ලැබූ තුනක් රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

කුඩු-කසිප්පු ජාවාරම්මෝ ගුටි ඇන ගනිති - තුවාල ලැබූ තුනක් රෝහලට

කුඩු-කසිප්පු ජාවාරම්මෝ ගුටි ඇන ගනිති - තුවාල ලැබූ තුනක් රෝහලට

බණ්ඩාරගම, වල්ගම සුනාමි නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කසිප්පු ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

 

මෙම ගැටුමෙන් නිවසකටද බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය පවසයි. 

 

එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයකුගේ නිවසෙහි පැවැත්වූ සාදයකට පානදුර ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු ත්‍රිරෝද රථ දෙකකින් පැමිණ සහභාගි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

එම සාදය අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගුටි හුවමාරුව සිදුව ඇත.

 

තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

 

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

723 Views

Comments

arrow-up