සැලියුට් එක වැරදී නරුමයින්ගෙන් ගුටි කෑ රමේෂ්ට නිදි යහනේදීම මරුවා ළඟාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

සැලියුට් එක වැරදී නරුමයින්ගෙන් ගුටි කෑ රමේෂ්ට නිදි යහනේදීම මරුවා ළඟාවෙයි

සැලියුට් එක වැරදී නරුමයින්ගෙන් ගුටි කෑ රමේෂ්ට නිදි යහනේදීම මරුවා ළඟාවෙයි

සැලියුට් ආචාරයක් හේතුවෙන් තරුණ ජීවිතයකට වන්දි ගෙවීමට සිදුවීමේ අවාසනාවන්ත සිදුවීමක් කුරුණෑගල, හෙරිලියාවල අංක 817 ග්‍රාම නිලධාරී වසමේ බෝගහවත්ත ග්‍රාමයෙන් වාර්තාවෙයි.

 

පසුගිය 13 වනදා සවස හතට පමණ සිදුවූ මෙම සිද්දියෙව් පසුදින වන 14 දා අලූයම නිදි ඇඳේදීම මෙලෙස මියගොස් ඇත්තේ රුමේෂ් රංගන නමැති 36 හැවිරිදි අවිවාහකයෙකි. 

 

දුරතියාම තම හිතවතුන් දුටුවිට අතින් සැලියුට් කිරීම පුරුද්දක් කරගෙන සිටි රුමේෂ් රංගන නමැති පුද්ගලයා පසුගිය දින තම මිතුරෙකු සමඟ කුරුණෑගල නගරයේ සිට පාගමනින් නිවසට එමින් සිටි අවස්ථාවේ මඟදී යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනකුට සැලියුට් කිරීමේදී උරණ වූ යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා රුමේෂ්ට දිගින් දිගටම පහරදී තිබේ. 

 

පහරදීම වැළැක්වීමට එම ස්ථානයේ සිටි කිහිපදෙනකු රුමේෂ් අසල නිවසක කාමරයකට දමා ආරක්ෂා කළද එම ස්ථානයටද පැමිණ නැවතත් පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

 

නිවසට පැමිණි රුමේෂ් ඇඟ රිදෙන බව පවසා නිදාගත් බවත් පසුදින මව ඔහුගේ කාමරයට ගිය විට ඇඳේ වැතිර සිටි අයුරු දැක 1990ට දැණුම්දී ගිලන් රථය පැමිණියත් මියගිය පුද්ගලයෙකු නිසා රෝහල්ගත කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ. 

 

මොටවූ ආයුධයකින් උදරයට පහරදීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් මරණකරුගේ එක් වකුගඩුවකට බරපතළ ලෙස හානි සිදුවී වීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වේ. 

 

කුරුණෑගල මූලස්ථාන පොලිසිය මෙම හදිසි මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

1670 Views

Comments

arrow-up