මාළු ඇල්ලීමට ගොස් සැඩ ජල පහරට හසුවූ පුද්ගලයාව යුද හමුදාව විසින් බේරා ගනී

අයහපත් කාලගුණය නොතකමින් කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් අල්ලමින් සිටියදී සැඩ ජල පහරකට හසුව සිරවී සිටි පුද්ගලයෙකු යුද හමුදාව විසින් ඊයේ(14) දහවල් බේරාගත් බව යුද හමුදාව සඳහන් කරයි.
මෙම පුද්ගලයා ඊයේ(14) දහවල් මසුන් මරමින් සිටයදී ජල පහර හසුව තිබේ.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත 581 වැනි බලසේනාවට අයත් 05 වැනි විජයභාහු පාබල රෙජිමේන්තුවේ බට කණ්ඩායමක් විසින් කඹ උපයෝගි කරගෙන මහත් පරීශ්‍රමයක් යොදා එගොඩට පිහිනා අනතුරට ලක්ව සිටි පුද්ගලයා ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ආ බව හමුදාව පවසයි.
754 Views
Comments