“සිව්වැනි භයානක කොවිඩ් රැල්ල අත ලඟ - ජනතාව හැසිරෙන්නෙ කොවිඩ් නොතිබූ රටක වගේ”

ජනතාව මේ වනවිට හැසිරෙමින් සිටින්නේ කොවිඩ් රෝගය නොතිබූ රටක මෙන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
අමාත්‍යයවරයා පෙන්වා දෙන්නේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් වරක් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවයි.
“බටහිර ලෝකෙ ගත්තට පස්සේ ඔවුන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් වන විට හතරවැනි රැල්ලක් භයානක විදියට ඒවි කියලා. පහුගිය සතියක විතර කාලයේ රෝගීන් නැවතත් ක්‍රමානුකූලව වැඩි වෙන ප්‍රවණතාවයක් දැක්නට ලැබෙනවා.
විශේෂයෙන්ම ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා.
විශේෂයෙන්ම මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යයි.”
මේ අතර මෙරට කොවිඩ් 19 මර්දන එන්නත්කරණ වැඩසටහන තවමත් ක්‍රියාත්මක අතර තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමත් මේ වනවිට ක්‍රියාත්මකය.
මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 54,031ක් වේ.
740 Views
Comments