මාස දෙකක් ජල ටැංකියේ තිබූ කොස්තාපල්ගේ මළ සිරුර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

ගම්පොළ ශික්‍ෂණ රෝහලේ වත්මන් පාලනාධිකාරියේ අදූරදර්ශී කි‍්‍රයාකලාපය හේතුවෙන් මාස 02 කට ආසන්න කාලයක් පුරා බෙහෙවින් නරක්වූ මිනිස් මළ සිරුරක් තිබී එහි විෂ සහිත ජලය රෝගීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට පානය කිරීමට සිදුවී තිබුණින් ඒ පිළිබඳව හා අනෙකුත් කි‍්‍රයා සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් ඉල්ලා ගම්පොළ රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු ආයතන කිහිපයක් වෙත පැමිණිලි කර ඇතැයි එම සංගමයේ කැඳවුම්කරු එම්. එම්. එම්. අසාල් මහතා සඳහන් කරයි.
කොවිඩ් වෛරසය වැළඳී සිටි පුද්ගලයෙකු රෝහල තුළින් අතුරුදන්ව මාස 02 කට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳව රෝහල තුළින් නිසි පරීක්‍ෂණයක් සිදුව නොමැති බැවින් මෙම මළ සිරුර මෙතෙක් කාලයක් සොයාගැනීමට නොහැකිව තිබුණි.
දිනපතා දහස් ගණනක් පරිභෝජනයට ගන්නා ජල ටැංකියේ පිරිසිදුභාවය සහ ආරක්‍ෂාව සම්බන්ධව අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම අපවිත්‍ර ජලය මාස 02ක් පුරා සියලූදෙනාට බීමට සිදුව ඇති බවද ඔවුන් සඳහන් කරයි.
2136 Views
Comments