ගණදෙවි පිදුමට නෙළුම් මල් කඩන්න වැවට බැස්ස දරුවා දියේ ගිලී මරුට

මරදන්කඩවල, ලබුනෝරුව ගම්මානයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි මොරගොඩ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ශාන් මධුෂංක නැමති වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකි.
මෙම පිරිමි දරුවා ආගම දහමට ලැදි අයෙකු වන අතර සෑම දිනකම උදෑසන තම නිවස ඉදිරිපිට ඇති ඝණදෙවි පිලිරුවට නෙළුම් මල් පූජාකරන බවත් සුපුරුදු ලෙස පූජාවට අවශ්‍ය නෙළුම් මල් කැඩුමට අසල පිහිටි මනම්පේඩියාව වැවට ගොස් ඇති අතර එහිදි මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් මොරගොඩ පොලිසිය පැවසීය.
මෙම දරුවා මීමැස්මොරය රෝගයෙන් පෙලෙන්නෙකු බවද අනාවරණය වී තිබේ.
වැවට ගිය දරුවා නිවසට පැමිණීමට ප්‍රමාදවීම සම්බන්ධව සොයා බැලීමේදී ජලයේ වැටීසියදී නිවැසියන්ට ඔහු හමුවී තිබේ.
අනතුරුව අදාල සිසුවා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
831 Views
Comments