මෙතෙක් එන්නත් ලබානොගත් උසස් පෙළ දරුවන් ට පණිවුඩයක්

වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් ළමුන් ට කොවිඩ් මර්දන එන්නත්කරණය ඉතා සාර්ථකව සිදුවෙන බව මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොළඹට පැමිණීමට නොහැකි වූ දරුවන්ට එන්නත ලබාගැනීම සඳහා ද මේ වනවිට වැඩපිළිවෙලක් සකස්කර ඇති බවය.
"පාසල්වලට සමහර දරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. දුර පළාත්වල ළමයි පාසල් අධ්‍යාපන ලබනවා. පළාත් අතර පවතින සංචරණ සීමා නිසා එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොළඹට පැමිණීමේ නොහැකියාවක් ඔවුන්ට ඇති. ඒ නිසා අපි තීරණය කළා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම තිබෙන මධ්‍ය සායන හරහා මෙම එන්නත්කරණය ලබන සෙනසුරාදා සිදුකරන්න. සියලු වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එවිට එන්නත ලබාගන්න නොහැකිවූ දරුවන්ට එම කාර්යාලවලට ගොස් එන්නත ලබාගන්න පුළුවන්. 21 වනදා දිවයින පුරාම එන්නත්කරණය ආරම්භ කළාට පස්සේ තමන්ගේ පදිංචි ප්‍රදේශයෙන් වුණත් අදාළ අධ්‍යාපන හැඳුනුම්පත පෙන්නලා මේ දරුවන්ට එන්නත ලබාගන්න පුළුවන්."
627 Views
Comments