ගල්කිස්සේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවස වටලා ඉන්දුනීසියානු කාන්තාවෝ දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ගල්කිස්සේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවස වටලා ඉන්දුනීසියානු කාන්තාවෝ දැලේ

ගල්කිස්සේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවස වටලා ඉන්දුනීසියානු කාන්තාවෝ දැලේ

ගල්කිස්ස අල්විස් මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වටලා ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් පස්දෙනෙකු සහ එහි කළමනාකාරවරයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය සඳහන් කළේය.

 

මෙම ඉන්දුනීසියානු කාන්තාවක් පැයකට රුපියල් (15000) පහළොස් දහසක මුදලකට අලෙවිවී තිබෙන අතර අත්අඩංගුවටගත් කාන්තාවන් අවුරුදු 20, 23, 25, 26, 28 යන වයස්වල පසුවන්නියන් බවත් අත්අඩංගුවට ගත් කළමනාකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකු බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ තුනක මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති අතර කාන්තාවන් පස්දෙනා සහ කළමනාකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බවත් පානදුර මධ්‍යම දුෂණ මර්ධන ඒකකය පවසයි.

views

14875 Views

Comments

arrow-up