අධික වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමද අවදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

අධික වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමද අවදානම්

අධික වැසි තත්වය තවදුරටත් - මුහුදු යෑමද අවදානම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ඉදිරි දින කිහිපය තුළ ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවඅඩු පීඩන තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර සිට වයඹ දක්වා වන දිශා වලින් දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කොළඹසිටගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) පමණ දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිටගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ. 

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

752 Views

Comments

arrow-up