රසායනික පොහොර හෝ වල් නාශක ගෙන්වීමට අවසර දී නෑ - කෘෂිකර්ම ඇමති කියයි

කිසිම අයුරකින් වී සහ එළවළු සඳහා රසායනික පොහොර හෝ වල් නාශක ආනයනයට අවසරයක් ලබා දී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරනවා.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ වී, බඩඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය කෘෂි රසායනික සහ ශාක පෝෂක ආනයනයට අවසර දී ඇති බවයි.
ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මහ කන්නයේ අස්වැන්න අඩුවීම අඩු වීම හරහා ඇතිවිය හැකි ආහාර ගැටලුව විසඳීමේ අරමුණින් මෙලෙස ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට පියවර ගෙන ඇති බවයි.
359 Views
Comments