බිත්තර කන්න බයවෙන්න එපා

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ගර්භණී මව්වරුන් මෙන්ම දරුවන් විවිධ පෝෂණ ඌනතාවන්ට පත්ව සිටිනවා. අත්‍යවශ්‍ය සහ විවිධ පෝෂක ක්ෂුද්‍ර පෝෂක ඌනතාවන් නිසා රෝගාබාධ සහ ශාරීරික දුර්වලතාවන්ට පත්ව සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ලොව පුරා පෝෂණ උනතාවන්ට පත් පිරිස මිලියන 150 ක් බැව් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5-10 අතර දරුවන් අතර ඇති මන්දපෝෂණය සහ වර්ධනයේ බාලවීම් දැකිය හැක. 1970 තිබුණු නරක එහෙත් මෑතක පටන් බිත්තර මුල් කරගෙන ඇති වුණ අහිතකර බලපෑම දැන් වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.
ඇමරිකානු හෘද රෝග සංගමය පෙන්වා දෙන්නේ එළවළු, පලතුරු, මාළු ආදී ආහාර අතරට බිත්තරත් ඇතුළත් වෙනවා. මෙම සංගමය පවත්වන ලද නවතම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ දිනපතා බිත්තර ආහාරයට ගැනීමෙන් ආඝාතය වෙනුවෙන් ඇති අවදානම 12 % කින් පහත බසින බවයි. දිනකට බිත්තර 2- 3 ක් ආහාරයට ගත් විට හිතකර කොලෙස්ටරෝල් මට්ටම යහපත් යකට පත්වන බවයි. වසර හතළිහක පමණ කාලයක පටන් වැඩිහිටියන් වෙනුවෙන් බිත්තර ආහාරයට ගැනීම වෙනුවෙන් පනවා තිබුණු සීමාවන් මේ නිසා ලිහිල් වන තත්ත්වයකට පත්ව තිබේ. දැන් පෙන්වා දෙන අන්දමට දිනපතා බිත්තර ආහාරයට ගැනීම නිසා ඔවුගේ හෘද රෝග පිළිබඳ සංකූලතාවන්ට ගැටුමක් ඇති නොවන බවයි. මන්දපෝෂණ මට්ටමේ සිටි දරුවන්ට ආහාරයට වෙනුවෙන් දිනකට බිත්තර ලබාදීමෙන් පසුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට පෙනී ගියේ ඔවුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉතා පහසුවෙන් යහපත් තත්ත්වයට පත් වුණ බවයි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවීධානය විසින් දිනපතා ආහාරය වෙනුවෙන් බිත්තර නිදේශිත ආහාරයක් බවට නම් කර තිබෙනවා. අඩු සෝඩියම්, අත්‍යවශ්‍ය විටමින්, ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල මෙහිදී වෙනුවෙන් පහසුවෙන් සපයා ගත හැකියි.
choline මිනිස් සෙඛ්‍යයට බෙහෙවින් හිතකරයි. මොළයේ සංවර්ධනයට හේතු වන පෝෂණ පදාර්ථයක් ලෙසින් choline හඳුනාගෙන ඇති අතර වැඩිහිටි අවධියේදී ඇති වෙන අමතක වීමේ රෝග තත්ත්වයන්ට මෙම choline පෝෂණීය පදාර්ථයන් මගින් වඩාත් හිතකර තත්ත්වයන් ගොඩ නඟන බවයි. 2017 වසරේදී ඇමරිකානු සෞඛ්‍ය සංගමය පෙන්වා දෙන්නේ ගැබිණි මව්වරුන් සඳහා ද බිත්තර ඉතා ගුණදායක බවයි.මෙම මවිවරුන් වෙනුවෙන් දිනකට බිත්තර ග්‍රෑම් 450 ක මාත්‍රාවක්ම නිර්දේශිතයි. choline මගින් දරු කලලයේ මාලය පිලිබදව වර්ධනය මෙන්ම විකති දරු උපත් බිහිවීම බෙහෙවින් වළකාලන බව මෙම අධ්‍යයනයන් මගින් හඳුනාගෙන තිබෙනවා.ගර්භණී අවධියේදී අවශ්‍ය ෆෝලික් අමීලය දිනකට විශාල ප්‍රමාණයේ බිත්තර දෙකකින් පිරිමසා ගත හැකියි. මේ නිසා දැන් ඔබටත් සැක නැතිව බිත්තර ආහාරයට ගත හැකියි.
by Dilki Shamani
581 Views
Comments