සාගර උණුසුම හමුවේ ජීවත් වෙන රතු මුහුදේ කොරල්පර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

සාගර උණුසුම හමුවේ ජීවත් වෙන රතු මුහුදේ කොරල්පර

සාගර උණුසුම හමුවේ ජීවත් වෙන රතු මුහුදේ කොරල්පර

උෂ්ණත්වය ඉහළ යාම වර්තමානය වන විට මුහුණ දෙන ලොව ප්‍රබලතම ගැටලුවක් වී ඇති අතර මේ නිසා ලොව පුරා කොරල්පර ක්‍රමයෙන් විනාශවී යමින් පවතී.

2014 සිට මේ දක්වා කාලය තුළ පෘථිවියෙන් කොරල්පර 75% කට පමණ ප්‍රමාණයක් ගෝලීය පරිසර හා සාගර උණුසුම නිසා විනාශයට ගොදුරුව තිබේ. කොරල්පර යනු ජෛව විවිධත්වය පෙන්නුම කරන මෙන්ම ආහාර සැපයුම් දාමයක් වන අතර කොරල්පර අයත් රටවල් වලට එය ආදායම් සහ ඖෂධ ලබා දෙන වඩා වැදගත් ප්‍රභවයක් ලෙස සැලකෙනවා. කොරල්පර ආරක්ෂා කර ගැනීම සඳහා ජලයේ සිදුවන දූෂණය අවම කිරීම සහ අධික ලෙස මසුන් ඇල්ලීමෙන් වැළකීම සිදු කළ යුතු බව පර්යේෂකයින් අනාවරණය කරනවා. නමුත් රතු මුහුදේ පවතින කොරල් විශේෂයකට මෙලෙස ලොව පුරා ඇති සෙසු කොරල්පර වල විනාශයට සාපේක්ෂව සිදුව ඇත්තේ ඉතා අඩු විනාශයක් බව ඒ පිළිබඳ සිදුකරන පර්යේෂණ වලින් අනාවරණය වී තියෙනවා. විශේෂයෙන්ම රතු මුහුදට මායිම් වන රටවල් අතර බහුතරයකගෙන් මේ පර්යේෂණ බලපත්‍ර ලබාගත යුතු අතර ඊට වලට අමතරව මෙම ගවේෂණ සඳහා අරමුදල් ද විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ජිබූටි, ඊජිප්තුව, එරිත්‍රියාව, ඊශ්‍රාලය, ජෝර්දානය, සෞදි අරාබි සුඩානය සහ යේමනය යන රතු මුහුද අවට පවතින රටවල් මේ රතු මුහුදේ කොරල්පර පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා හොඳ සහයෝගයක් දක්වන බව වාර්තා වෙනවා.

රතු මුහුදේ ගල්පර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවන්නේ අකාමා බොක්ක ආශ්‍රිත කොරල්පර වලටයි. එහි පවතින අධික උෂ්ණත්වය හමුවේ මෙම කොරල් විනාශ නොවී පවතින්නේ කෙසේද යන්න පිළිබඳ පර්යේෂකයන් අත්හදා බලමින් සිටිනවා. එසේ සිදුවීමට බලපෑ කරුණු පිළිබඳ අනාවරණය කරගැනීම මුළු ලෝකයටම සුභවාදී බව ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන සමුද්‍ර හා වායුගෝලීය තත්ව පිළිබඳ මහාචාර්යවරියක් වන ක්ලීන්හවුස් පවසනවා. විනාශ වෙමින් යන ලෝකයේ අනෙකුත් ගල්පර ගලවා ගැනීම සඳහා මේ දැනුම ඉතා අත්‍යවශ්‍ය වන බවයි ඇය වැඩිදුරටත් අනාවරණය කරන්නේ. ඕනෑම කොරල්පරයක ප්‍රතිරෝධයක් හෝ විරංජනයක් සුවය ලැබීමේ හැකියාව වැඩි කිරීමට මේ දැනුම තුළින් ඉවහල් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා අකාමා බොක්කෙහි විවිධ කොරල් විශේෂ විස්සක් පමණ අත්හදා බලා ඇති අතර ඔවුන් ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දීම පිළිබඳ වැඩිදුර කරුණු මෙම පර්යේෂණ වලින් අනාවරණය වනු ඇත. ඒ පිළිබඳ පර්යේෂණ වඩාත් සාර්ථක වුවහොත් ලොව පුරා මියැදෙමින් පවතින කොරල් පර අධික උණුසුම හමුවේ ජීවත් වියහැකි රහස රතු මුහුදේ කොරල් වලින් අනාවරණය කර ගත හැකි වනු ඇත.


 

views

727 Views

Comments

arrow-up