හෝටල් කාමරයක මධුසමය ගත කොට සැනින් වස පානය කළ පෙම් යුවලක් - පෙම්වතිය මෙලොව හැර යයි

හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටි පෙම් යුවලක් සිය කුළුඳුල් ප්‍රේමයට නිවෙස්වලින් අකමැති වීම මත හෝටල් කාමරයකට ගොස් පෙම් සුවවිඳ වස පානය කිරීමේ කණගාටු දායි පුවතක් වාර්තා වෙනවා
දීර්ඝ කාලයක සිට පැවති මොවුන්ගේ ප්‍රේමයට නිවෙස් දෙකෙහිම දෙමව්පියන් විසින් අකමැති වීම මත මොවුන් සියදිවි හානිකර ගැනීමට තීරණය කොට එම හෝටල් කාමර වෙත පැමිණ තිබෙනවා.
මෙහිදී ප්‍රථමව පෙම්වතිය විසින් වස පානය කොට ඇති අතර දෙවනුව පෙම්වතා විසින් වස කුප්පියෙන් සුළු ප්‍රමාණයක් පානය කොට තිබෙනවා.
මොහොතක් ගතවෙත්ම පෙම්වතිය මෙම පෙම්වතා ඉදිරියේ අවසන් හුස්ම හෙළා තිබෙන අතර පෙම්වතාගේ කෑ මොර දීම නිසා හෝටල් සේවකයින් මෙම කාමරයට පැමිණ ඇති බවයි සදහන් වන්නේ.
අනතුරව එම සේවකයින් මෙම පෙම් යුව්ය රෝහල් ගත කොට ඇති අතර පෙම්වතා මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි කාර්තිනා නැමැති තරුණියක්.
17844 Views
Comments