වරායේ සිරවී තිබූ බහාලුම් 50%ක් නිදහස් කෙරේ

මේ වන විට පවතින දැඩි ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ආනයනය කර කොළඹ වරාය තුළ සිරවී තිබූ බහාලුම් 800න් 400ක් පමණ දැනටමත් නිදහස් කර තිබෙනවා.
මෙම බහලූම් එලෙස නිදහස් කෙරුණේ ඒවා කඩිනමින් නිදහස් කරන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීමත් සමඟයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ මහ බැංකුව ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් සංචිත නිදහස් කිරීමට පියවර ගෙන තිබුණා.
ආනයනකරුවන් පවසන්නේ මහ බැංකුව තවදුරටත් මෙලෙස ඩොලර් ලබාදුනහොත් ඉතිරි බහාලුම් තොගයද නිදහස් කර ගත හැකි වනු ඇති බවයි.
833 Views
Comments