මෙහෙණි වෙස්ගෙන සොරකමේ ගිය තිස් අටේ කත මාට්ටු - අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇඳ සිට ඇත්තේ ගවුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

මෙහෙණි වෙස්ගෙන සොරකමේ ගිය තිස් අටේ කත මාට්ටු - අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇඳ සිට ඇත්තේ ගවුමක්

මෙහෙණි වෙස්ගෙන සොරකමේ ගිය තිස් අටේ කත මාට්ටු - අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇඳ සිට ඇත්තේ ගවුමක්

මෙහෙණියක ලෙස සිවුරු පොරවා ගෙන මෙහෙණින් වහන්සේලා හා කාන්තාවන් මුලා කරමින් ඔවුන්ගේ මුදල්, රන් ආභරණ, ජංගම දුරකථන සහ සිවුරු සොරකමේ යෙදුන කාන්තාවක් බියගම පොලිසිය විසින් පසුගිය 20 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම කාන්තාව බියගම, රග්ගහවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

 

එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය ගවුමකින් සැරසී සිට ඇති අතර නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී සිවුරක්, අඳනයක් සහ මෙහෙණින්වහන්සේලා භාවිතා කරන ගමන් මල්ලක් ද හමු වී තිබේ. 

 

තවද එම කාන්තාව විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වටිනා ජංගම දුරකථන හයක් මෙන්ම රන් ආභරණ විකුණා ලබාගත් රිසිට්පත් ඇය සතුව තිබී සොයා ගැනුණි. 

 

එම කාන්තාවට එරෙහිව කතරගම,  ජාඇල හා පන්විල ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබී ඇත.

 

අත්අඩංගුවට ගත් කාන්තාව යබරලූ‍ව ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි විවාහක කාන්තාවක් වන අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

5732 Views

Comments

arrow-up