ජනපති රෝහල්වල ධාරිතාව පිළිබඳ වාර්තා කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

ජනපති රෝහල්වල ධාරිතාව පිළිබඳ වාර්තා කැඳවයි

ජනපති රෝහල්වල ධාරිතාව පිළිබඳ වාර්තා කැඳවයි

රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොරෝනා රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

රෝගීන්ට උපරිම සේවා සැපයීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙසේ කටයුතු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

 

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් ලබාදීම සඳහා තවත් සැලසුම් කිහිපයක්ම ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා කොවිඩ් මරණ වලක්වා ගැනීමට ඇති එකම විසඳුම කොවිඩ් එන්නත්කරණය බවද කීවේය.

views

731 Views

Comments

arrow-up