දැරිය අපයෝජනය කර කට්ටි පැන්න සැකකරුට කොරෝනා - සැකකරු භාරදීමට පැමිණි නීතිඥවරියත් නිරෝධායනයට

10 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කොට පොලිසියට කට්ටි පනිමින් සිටි සැකකරුවෙකු නීතීඥ මාර්ගයෙන් අළුත්ගම පොලිසියට භාරවීමෙන් අනතුරුව කොවිඩ් - 19 ආසාධිතයකු බවට හඳුනාගෙන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කළ බව පොලිසිය පවසයි.
අදාල සැකකරුව පොලිසියට ගෙන ආ අළුත්ගම, මොරගල්ල ප‍්‍රදේශයේ නිතීඥවරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයින්ද බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී මගින් නිරෝධායනයට ලක් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ අළුත්ගම, ගණේගම ප‍්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් වන අතර සිය දියණිය සැකකරු විසින් අපයෝජනයට ලක්කරන අයුරු තමා සියසින්ම දුටු බව දැරියගේ මව වන අනූෂා කුමාරි(35) නමැති අය අළුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් අළුත්ගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ අළුත්ගම පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිශාන්ති මහත්මිය මීට පෙර සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇපමත මුදාහැර නඩුව 2021 අගොස්තු මස 25 දින කැඳවීමට නියෝගකර තිබුණි.
දැරිය සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තාව පසුගිය සඳුදා(16) දින ලැබී තිබුණ අතර එම වෛද්‍ය වාර්තාවට අනුව දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු වී තිබුණ බවත් පසුගිය 17 වනදා කළුතර මහෙස්ත‍්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කළ බවත් අළුත්ගම පොලිසිය පවසයි.
949 Views
Comments