ලක්ෂ පන්සීයක කේරල ගංජා සහ අයිස් වැල්වැටිතුරෙන් අල්ලයි

රුපියල් ලක්ෂ පන්සීයක වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනක් වැල්වැටිතුරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවටපත්ව තිබේ.
නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකල විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝ 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනා සහ කැබ් රථයක් භාරයට ගත් බවත් පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් පිළිබඳව කළ වැඩිදුර පරීක්ෂාවේදී, පොලිතින් උර තුනක පාර්සල් 60ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා තොගය සහ ප්ලාස්ටික් ඇසුරුමක සුක්ෂම ලෙස පාර්සල් තුනක් ලෙස අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයටගත් බව නාවික හමුදාව කියයි.
අත්අඩංගුවටගත් තිදෙනා වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.
සැකකරුවන්, මත්ද්‍රව්‍ය තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසියට භාරදීමට නියමිතයි.
787 Views
Comments