පොදු ප්‍රවාහන භාවිත කරනවනම් රාජකාරි හැදුනුම්පත අනිවාර්යයි

පොදු ප්‍රවාහනය සේවය භාවිත කරන්නේ නම් ඔවුන් සතුව රාජකාරි හැඳුනුම්පත තිබීම ලබන සඳුදා සිට අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරේ, ඒ අනුව පොලීසිය විසින් පොදු ප්‍රවාහන සේවා අහඹු පරික්ෂාවට ලක් කර ඒවා භාවිත කරන්නේ, අත්‍යවශ්‍යම පිරිස් ද යන්න පිළිබඳ පරීක්ෂා කරනු ඇති බවයි.
තවද පොදු ප්‍රවාහන සේවා හා පළාත් සීමා උල්ලංඝණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
835 Views
Comments