අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට සිට ආරම්භ කෙරේ

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසා සිටියේ සංචරණ සීමා හේතුවෙන් මෙතෙක් කාලයක් අත්හිටුවා තිබූ අන්තර් පළාත් බස් රථ ප්‍රවාහන පහසුකම් හෙට සිට නැවතත් ආරම්භ කරන බවයි.
එතුමා තවදුරටත් කියා සිටියේ නියමිත කාලසටහනකට අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථ හෙට සිට ධාවනය කිරීමට නියමිත බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් අන්තර් පළාත් ප්‍රවාහනය සදහා දුම්රිය කිහිපයක් හෙට සිට යෙදවීමට නියමිත බවයි.
915 Views
Comments