වාර්ෂිකව දියේ ගිලීම්වලින් 800ක් ජීවිතක්‍ෂයට

දියේ ගිලීම් නිසා සෑම වසරකම මෙරට 800 දෙනකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේය.
මිය යන අයගෙන් බහුතරය අවුරුදු 21 ත් 60 ත් අතර පසුවන්නන් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී ලෝක දියේ ගිලීමේ වැළැක්වීමේ දිනය ලෙස හෙට(25) දිනය ප්‍රකාශයට පත්කොට ඇත.
දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා 2,20,000කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වන අතර ඉන් තුනෙන් එකක්ම වාර්තා වන්නේ දකුණු ආසියානු රටවලිනි.
දියේ ගිලීමකින් පසු දිවි බේරා ගත්තද දිගුකාලීන ආබාධ ඇතිවිය හැකි බවට වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේය.
එබැවින් දියේ ගිලීම්වලින් වළක්වා ගැනීම උදෙසා ජනතාව දැනුවත් කිරීම, අනාරක්ෂිත ජල මූලාශ්‍ර ආරක්ෂා සහිත කිරීම, පිහිනුම් කුසලතා වැඩිදියුණු කිරීම, දියේ ගිලෙන අය ගලවාගැනීමේ පුහුණුව ලබාදීම ආදී ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
804 Views
Comments