දේවානිට ජයතිලකට මීගමුවේදී විරෝධය

මීගමුව ප්‍රදේශයේ දරුවන් සඳහා ඇති ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බව කියන සිද්ධියක් පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද(17) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටියාය.
ප්‍රදේශවාසීන් චෝදනා කලේ නිලධාරීන්ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවයි.
ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට ද චෝදනා කළ ප්‍රදේශවාසීන්,
“එයා මේකට අලුතෙන් නමක් දාලා රැජින දූපත කියලා. මේකෙ කලින් එහෙම කිසිම නමක් තිබුණෙ නෑ.
අපේ ආච්චිලත් මේකෙ තමයි හිටියේ. මේකෙ මුල්ම නම කුට්ටිකාඩු.
අපේ දරුවන්ට මෙතන සෙල්ලම් කරන්න එපා කියලා පාරේ ගිහින් සෙල්ලම් කරන්න කිව්වා,” යන්නයි.
මෙම අවස්ථාවේ එහි රැඳී සිටි දේවානි ජයතිලක මහත්මිය එතැනින් පිටව යෑමට උත්සාහ කළ විට ඇයට ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ල කලහ.
ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කළ නොහැකි බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගියාය.
951 Views
Comments