රිෂාඩ්ගේ පවුලේ අයට පොලිසිය දෙන විශේෂ සැලකිලි පිළිබඳව මාධ්‍යවේදීන් මූණටම විවේචනය කරයි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

රිෂාඩ්ගේ පවුලේ අයට පොලිසිය දෙන විශේෂ සැලකිලි පිළිබඳව මාධ්‍යවේදීන් මූණටම විවේචනය කරයි (VIDEO)

රිෂාඩ්ගේ පවුලේ අයට පොලිසිය දෙන විශේෂ සැලකිලි පිළිබඳව මාධ්‍යවේදීන් මූණටම විවේචනය කරයි (VIDEO)

නිෂාලනී ජූඩ් නැමැති බාල වයස්කාර දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සිටියදී පිලිස්සී මිය යාම , කෲරත්වයට පත්කිරීම සහ වෙළදාම් කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමතිවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා, දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරු ඊයේ අලුයම බොරැල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුණි.

 

රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයාද අත්අඩංගුවට ගැනුණේ ඇමතිවරයාගේ නිවසේ සේවය කළ මෙහෙකාරියන් ට අතවර කිරීමේ චෝදනාව මතයි.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් අද පෙරවරුවේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත  රැගෙන එනු ලැබුවා.

 

එලෙස සැකකරුවන් රැගෙන ආ වෑන් රථය නියමිත ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව අධිකරණ භූමියට ඇතුළු කිරීමට අවසර ඉල්ලා ඇති නමුත් අධිකරණ භූමියේ සිටි පොලිස් නිලධාරීන් ඒ සදහා සඳහා අවස්ථාව ලබා දුන්නේ නැත.

 

පසුව සැකකරුවන් වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ආකාරයේ දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණ භූමිය වෙත රැගෙන යනු නිරීක්ෂණය විය.

 

ඇතැම් පොලිස් නිලධාරීන් මෙම පිරිසට විශේෂ සැලකිලි දැක්වීම පිළිබඳව එහි සිටි මාධ්‍යවේදීන් සිය විරෝධතාව පළ කළා.

 

එම අවස්ථාවේ වීඩියෝව පහලින්

 

 

views

1724 Views

Comments

arrow-up