විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට අයවැයෙන් සහන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට අයවැයෙන් සහන

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට අයවැයෙන් සහන

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි වසරේ අයවයෙන් සහන ලබා දීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

 

මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත්දා හිමිවිය.

 

කෙසේ වෙතත් විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මීට පෙරද මෙලෙසම සැලසුම් ක්‍රියාත්මක කෙරුණත් එම වැඩසටහන් අසාර්ථක වූයේ එම වාහන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතුවූ ගැටළු හේතුවෙනි.

 

විද්‍යුත් වාහන සඳහා අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම ඒ අතරින් ප්‍රධානයි. 

views

776 Views

Comments

arrow-up