“සීයක් විතර ගෙදරට ඇවිත් ගහලා යනකම් මරණ බයේ ගෙට වෙලා හිටියා” - මන්ත්‍රීනී ගීතා

පසුගිය 09 වනදා සිදුවීමෙන් පසු බොහෝ දේශපාලඥයින්ගේ නිවාසවලට ප්‍රහාර එල්ලවිය.
ඒ අතර ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියද විය.
එතුමිය තම නිවසට එල්ලවූ ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී පළකල අදහස් පහතින්,
"මගේ බෙන්තර නිවසට සීයක් විතර ඇවිත් පහර දුන්නා.
තනි ගැහැනියක් හිටපු නිවසක්. සී සී ටී වී වල සියල්ල සඳහන් වෙලා තියෙනවා. ජවිපෙ සජබ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු සමාජ මාධ්‍යවල පෝස්ට් දාලා මිනිස්සු එකතු කළා.
දශක 4කට වැඩි කාලයක් සිනමාවේ සිටිමින් ලබාගත් සම්මාන පොළොවේ ගහලා කුඩු කරලා. ස්විට්සර්ලන්ත පරවැසිභාවය ඉවත් කරගෙන බෙන්තර පදිංචි වුණේ මිනිස්සු වෙනුවෙන්. තනියෙන් කාමරයක වෙවුල වෙවුල හිටියේ. මරණ බිය ඇති කළා.
ගේ කඩන්න ආපු කවුරුත් ඉපදිලාවත් නැහැ මම සිනමාවට එන විට. මම දේශපාලනයෙන් සමුගත යුතු කියලා මම හිතන්නේ. අමනුෂ්‍යයන් ඉදිරියේ දේශපාලනය කිරීම ඉතා අසීරුයි."
653 Views
Comments